සමහර විට ඔබ ඔබේ Google Account එක, විවිද Google සේවාවන් සදහා බාවිතා කරනවා වෙන්න ඇති. YouTube, Blogger, Gmail, Google Checkout, එහෙමත් නැතිනම් Google+ වැනි සේවාවන් උදාහරණ කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්. මම මගේ Google Account එක Blogger වලදී බාවිතා කරනවා. ඒ වගේම Google+ මගේ profile එකටත් ඒ ගිණුමමයි, Google Checkout වලට මම මගේ credit card details add කරලා තියෙන්නේ, Email සදහා Gmail වැඩිවශයෙන් බාවිතා නොකලත් සමහර වැදගත් දේ සදහා මම මගේ මේ gmail ගිණුම බාවිතා කරලා තියෙනවා. ඉතින් යම් හෙයකින් මගේ Google Account එක හැක් උනා කියන්නේ ඇත්තටම මට ලොකු පාඩුවක්. ඉතින් යම් විදියකින් මගේ Google Account එක hack වීමට තිබෙන ඉඩකඩ අවම කරගන්න නම් මම අනිවාර්යෙන්ම මගේ Google Account එක සුරක්‍ෂිත කරගන්න පියවර ගත යුතුයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Google Account එකක සුරක්‍ෂිත කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබදවයි.
Setup Account Recovery
යම් හෙයකින් ඔබට ඔබේ password එක අමතක උනා.. එහෙමත් නැති නම් ඔබේ account එක hack උනා.. ඉතින් මෙවැනි අවස්ථාවලදී password එක හෝ account එක recover කරගන්න මේ Account Recovery Option එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ account recovery option එක config කරන්න මුලින්ම Google.com/settings වෙත යන්න. ඊට පස්සේ ඔබේ Google Account එකට sign in වෙන්න. පසුව පහත රුපයේ මෙන් ලැබෙන ලැයිස්තුවෙන් “Security” යන්න click කරන්න.
මීළගට security page එකේ ඇති “Account recovery options” යන්න ක්ලික් කරන්න.
මීළගට ඔබව account recovery home page එකට ඔබව redirect වෙනවා. ඉතින් එතැනදී ඔබට පුළුවන් recovery options හැටියට ඔබේ ජංගම දුරකථන අංකය හෝ ඔබේ වෙනත් email address එකක් recovery options හැටියට ලබාදෙන්නට.
Enable 2-step verification
ඔබේ Google Account එකේ 2-step verification option එක සක්‍රීය කිරීම මගින් ඔබට පුළුවන් ඔබේ Google Account එකට අමතර ආරක්ෂාවක් ලබාදෙන්න. මේ option එක සක්‍රියව පවතින විට ඔබ හෝ වෙනත් කෙනෙක් හදුනා නොගත් පරිගණකයකින් ඔබේ ගිණුමට ලොග් වෙන්න හදනවිට, ගිණුමට ලොග් වීමටනම් ඔබට හෝ අනෙක් පුද්ගලයාට තවත් එක් පියවරක් පසු කරන්නට සිදු වෙනවා. ඒ පියවර පසු කරන්නට නම් ඔබේ ජන්ගම දුරකතනයට එවෙලේම SMS මාර්ගයෙන් ලැබෙන pin code එක ලබාදිය යුතුයි.
මෙය config කරගැනීමට, Google.com/settings/security වෙත ගොස් “2-step verification” යන්න ඉදිරියේ ඇති Edit button එක ක්ලික් කරන්න.
එතන ඉදලා පහසු පියවර කිහිපයකින් ඔබට පුළුවන් 2-step verification option එක සදහා ඔබේ දුරකථනය setup කරගන්න හා එය enable කරගන්නට.
සලකිය යුතුයි:- සෑම විටකම ඔබ ඔබේ Google Account එකට sign in වෙනවිට මේ verification step එක පසු කරයුතු වෙන්නේ නැහැ. ඔබ වෙනත් පරිගණකයකින්, වෙනත් ස්ථානයකින්, හෝ වෙනත් IP Address එකකින් ඔබේ ගිණුමට sign in වෙන්නට හදනවිට පමණයි මේ step එක පසුකළ යුත්තේ.
Application Specific Passwords
සාමන්‍ය විදියට web browser එකකින් ඔබේ Google account එකට access කරන එකයි, Phone එකෙන් Google account එකට access කරනවා කියන්නෙයි වෙනස් දෙයක්. Application Specific Passwords setup කිරීම මගින් ඔබට පුළුවන් applications හා devices සදහා වෙන වෙනම passwords හදාගන්න.
Google.com/settings/securitypage එකට ගිහින් “Authorizing applications and sites” යන්න ඉදිරියේ තිබෙන edit button එක ක්ලික් කරලා ගොස් ඔබට පුළුවන් Application specific passwords සක්‍රිය කරගන්නට.
Use Strong Passwords
සෑම විටකම ඔබේ passwords සදහා simple/capital අකුරු, numbers හා symbols වලින් සමන්විත වූ ශක්තිමත් passwords බාවිතා කරන්න.
උදා:- Tr1ck$989:)
මේ වාගේ password එකක් සමහර විට ඔබට මතක තබාගැනීමට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබේ ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් සක්තිමත් මුරපදයක් බාවිතා කල යුතුයි.
ඉතින් මම හිතනවා මේ ලිපිය පොදුවේ ඔබ හැම කෙනෙකුටම වැදගත් වෙන්නට ඇතියි කියලා. මේ පිළිබද ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙය share කර ඔබේ මිතුරන්වත් මේ පිලිබදව දැනුවත් කරන්න. ජය !
Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page












Pingback: ඔබේ Accounts සදහා Strong Passwords හදාගන්න උපදෙස්Tricks Lanka