ඔබට මතක ඇති අපි මීට ඉහතදී ලිපියකින් කතා කාලා ලොව මිළ අදිකම ජංගම දුරකථන පිලිබදව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2012 වසරේ මිළ අදිකම Gadgets කිහිපයක් ගැනයි.

iPhone 4S Elite Gold

Stuart Hughes විසින් තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ඇල මුවාත රෝස රත්‍රන් හා දියමන්ති 500 කට ආසන්න ප්‍රමාණයක් බාවිතා කර නිපදවා තිබෙන්නේ. ඒවගේම මෙහි පසුපස නිර්මාණය සදහා කැරට් 24 රත්‍රන් බාවිතා කර තිබෙන අතර ඇපල් ලෝගෝ එක නිර්මාණය සදහා දියමන්ති 53 ක් බාවිතා කර තිබෙනවා.

iPhone 4S Elite Gold

මෙයින් දෙකක් පමණයි නිෂ්පාදනය කරතිබෙන්නේ. එකක මිළ ඇමෙරිකානු ඩොලර් 9,500,000 පමණ වෙනවා.

Sony PlayStation 3 Supreme

මේ gaming console එක නිර්මාණය කර තිබෙන්නේ කැරට් 22 රත්‍රන් ග්‍රෑම් 1600 ක් බාවිතා කරලයි. මෙහි disk loader එකෙහි දියමන්ති 58 ක් බාවිතා කර තිබෙනවා.

Sony PlayStation 3 Supreme

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 316,800 පමණ වෙනවා. ඒ වගේම මෙයින් තුනක් පමණයි නිෂ්පාදනය කර තිබෙන්නේ.

iPod touch 24ct Gold Supreme Fire Edition

මෙය නිර්මාණය සදහා කැරට් 24 රත්‍රන් ග්‍රෑම් 125 ක් බාවිතා කර තිබෙනවා. ඒ වගේම පසුපස ඇති ඇපල් ලෝගෝ එක නිර්මාණය සදහා රත්‍රන් ග්‍රෑම් 21 ක් හා දියමන්ති 53 ක් බාවිතා කර තිබෙනවා.

iPod touch 24ct Gold Supreme Fire Edition

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 332,500 ක් පමණ වෙනවා.

Macbook Air Supreme Fire Edition

මෙහි ඇපල් ලෝගෝ එක දියමන්ති වලින් නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ස්පාර්ක්ලින්ග් මැණික් ගල් 53 ක් මෙය නිර්මාණයට යොදාගෙන තිබෙනවා. සම්පුර්ණ housing එක කැරට් 24 රත්‍රන් වලින් නිමවා තිබෙන්නේ.

Macbook Air Supreme Fire Edition

මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 348,400 ක් පමණ වෙනවා.

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page