Kim Dotcom විසින් cloud මූලික කරගත් ඔහුගේ නවතම file storage සේවාව Mega නමින් මේ වන විට ආරම්බ කර හමාරයි. ඔහුගේ Megaupload සේවාව නවතා දමා වසරක් සපිරෙන මොහොතේ තමයි ඔහු මේ නව සේවාව අන්තර්ජාලයට එකතු කරනු ලැබුවේ. මෙය නිකුත් කිරීමෙන් අනතුරුව විශාලා පිරිසක් වෙබ් අඩවියට පැමිණ තිබෙනවා. Dotcom පවසන පරිදි විනාඩියකට දහස් ගණනක පුද්ගලයින් වෙබ් අඩවියේ ලියා පදිංචි වී තිබෙන අතර වෙබ් අඩවිය නිකුත් කර පළමු පැය තුල ලියාපදිංචි වූවන් පිරිස 100,000 ඉක්මවා තිබෙනවා.

mega cloud

Dropbox වැනි සේවාවන් සදහා Mega හොද තරගයක් වෙනබව ආරම්බයේදීම අපිට කියන්නට පුළුවන්. Megaupload හා සසඳන කල මෙම නවතම cloud storage service එක සම්පුර්ණයෙන්ම වෙනස් අකාරයක් ගන්නවා. Mega විසින් අලුතින් නිර්මාණය කර ඇති encryption system එක මඟින් මෙම සේවාව වගේම එහි සේවය ලබා ගන්න පරිභෝගිකයන්වද hackers ලාගෙන් වගේම රජය විසින් සිදු කරන පරීක්ෂන වලින් ද ආරක්ෂා කරනු ලබනවා. එනම් මෙම සේවාව මඟින් පාරිභෝගිකයන් විසින් upload කරනු ලබන දත්ත පරිශීලනය නොකරන බවයි. මේ මොහොත වන විට වෙබ් අඩවියට ලැබෙන අදික traffic එක නිසා වෙබ් අඩවිය තරමක් මන්දගාමී වෙලා තිබෙනවා. මෙහි ලියාපදිංචි වෙන ඔබට 50GB ක storage එකක් ලැබෙන අතර ඊට වඩා ඉඩ ප්‍රමාණයක් ඔබට අවශ්‍යයි නම්, මුදල් ගෙවා අවශ්‍ය ඉඩකඩ ඔබට ලබාගන්න පුළුවන්.

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • Pingback: Kim Dotcom ගේ නවතම Mega සේවාවෙන් පසුව අලුත්ම MegaMovie සේවාවත් ලගදීම..

  • amila chathuranga

    කිම් කියනකොට මට කලින්ම මතක් වෙන්නෙ කිම් කාර්ඩේසියන්ව..අම්මෝ ඒ වගේ පක්සක්..

  • http://twitter.com/Tharindunk07 Tharindu Deshan

    mega cloud eka load wenne nath ane kramayak kiyanna load karaganna
    lankawata nadda mema pahasukama karunakara kiayanna

    • http://www.trickslanka.com/ Buddhika Nuwan

      එහෙනම් නිවාඩු පාඩුව වෙන දවසක register වෙන්න. Traffic එක වැඩි නිසයි මේ අවුල. මම register උනාට මට තවම confirmation email එක ආවෙත් නැහැ.

      • sumanadasa

        oya kiyana vidihata Traffic ekata hariyana bandwidth eka denna bari nam, ee site eka melo rahak naa.

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    C’mom Dotcom. Don’t afraid to FBI.