මේ දින වල වැඩි වශයෙන් කතාවට ලක් වන Kim Dotcom ගේ Mega නමින් හැදින්වෙන cloud storage සේවාව පිලිබදව අපි මීට පෙර ලිපියකින් කතා කළා. Megaupload අඩවිය නවතා දමා අදට වසරක් සැපිරෙන මෙම විශේෂ දවසේ Dotcom සිය නවතම cloud storage සේවාව ආරම්බ කළා. ඒ වගේම පෙර ලිපියේ මා සදහන් කල පරිදි Mega වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැර පළමු පැය තුල එහි ලියාපදිංචි වූවන් පිරිස ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මෙම Mega සේවාවට අමතරව Dotcom විසින් MegaMovie නමින් තවත් සේවාවක් ආරම්බ කරන්නයි සුදානම් වෙන්නේ. නමුත් මෙම platform එක කොහොම ක්‍රියා කරාවිද කියන එක ගැන තවම පැහැදිලි තොරතුරක් නැහැ. Dotcom විසින් ඉදිරියේදී පැමිණීමට නියමිත MegaMovie සේවාවේ screenshot එකක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ඉහත දී තිබෙන්නේ එම පින්තුරයයි.. ඉදිරි සති කිහිපය හා මාසය තුල ක්‍රියාත්මක කිරීමට Dotcom සතුව අපූරු සැලසුම් කිහිපයක් තිබෙන බව අපට හිතන්න පුළුවන්.
ඉතින් ඔබ මොකද හිතන්නේ.. Mega සේවාව Dropbox වැනි සේවාවන් වලට තරගයක් දේවිද? ඔබ දැනටමත් එහි ලියාපදිංචි උනාද? නැතිනම් ලියාපදිංචි වෙන්න අදහසින්ද ඉන්නේ ? ඒ වගේම ඔබේ මේ ගැන දරන අදහස් comment කරන්න. ![]()
Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page
- http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya
- http://www.trickslanka.com/ Buddhika Nuwan
- http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya







