මුලින්ම අපි මෙහෙම හිතමු, ඔබ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියනා විට, ඔබට අවශ්‍ය වෙනවා ඔබේ ඒ පෝස්ට් එකේ යම් කොටසක් හැමෝගෙන්ම සගවලා ඔබට අවශ්‍ය කිහිප දෙනෙකුට පමණක් පෙනෙන්න. එහෙම නැතිනම් සම්පුර්නම පෝස්ට් එක හැමෝටම නොපෙනෙන විදියට, අවශ්‍ය අයට පමණක් පෙනෙන්න ඔබේ පෝස්ට් එක පල කරන්න. මේ වගේ වෙලාවට අවශ්‍ය කොටස හංගලා, ඒ කොටස බලන්න නම් පාස්වර්ඩ් එකක් දාගන්න වගේ පුළුවන් කමක් තිබ්බ නම් කොහොමද? එහෙම තිබ්බනම් ඔබට අවශ්‍ය අයට කිසි ගින්නක් නැතිව පාස්වර්ඩ් එක දෙන්න පුළුවන් සැගවුණු අන්තර්ගතය පෙන්නන්න. නේද? ම්ම්ම්.. :P

ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා, Tricks Lanka තුල forum එකක් ආරම්බ කරන්න. ඒ පරිගණක තාක්ෂණය හා සම්බන්ද forum එකක්. ඉතින් ලංකික බ්ලොග් ලියන ඔබ වෙනුවෙන් එහි වෙනම කොටසක් වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මුහුණ දෙන ගැටළු හා බ්ලොග් හා සම්බන්ද ඕනෑම දෙයක් ඔබට එහිදී කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබටත් කතුවරයෙක් විදියට Tricks Lanka කණ්ඩායමත් සමග එකතු වෙන්න අවස්ථාව තිබෙනවා. ඉදිරියේදී අපේ කතුවරුනට යම් මුදලක් ගෙවීමටත් අපේ අදහසක් තියෙනවා. ඒ සැම දෙයක්ම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකික ඔබ වෙනුවෙන් Tricks Lanka තුළින් අපිට කරන්න පුළුවන් උපරිම සේවයක් කරන එකයි. මුලින්ම පටන් ගත්ත කතාව පැත්තකට දාලා වෙන පැත්තකට කතාව ගියා නේද? :) හරි හරි අපි අයෙත් අපේ මාතෘකාවට බහිමු.

අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ බ්ලොග් පෝස්ට් එකට මුරපදයක් දාගන්නා ආකාරය පිලිබදවයි. බ්ලොග් පෝස්ට් එකට පමණක් නෙවෙයි වෙබ් අඩවියක යම් අන්තර්ගතයකට උනත් මේ විදියට password එකක් දාගන්න පුළුවන්. ඒ වගේම විවිද අරමුණු සදහා මෙම ක්‍රමය බාවිතා කරන්න පුළුවන්. මම මුලින්ම කියලා පටන් ගත්තේ ඔබට මෙම ක්‍රමය බාවිතා කලහැකි එක් අවශ්‍යතාවයක් පමණයි.

Click Here To See a Demo

කොහොමද ඔබේ බ්ලොග් පෝස්ට් එකේ යම් අත්ර්ගතයකට, පාස්වර්ඩ් එකක් දමා ආරක්ෂා කරන්නේ?  

හොදයි මුලින්ම ඔබට කරන්න තියෙන්නේ මේ පහත දීලා තියෙන Java Script එක ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක. එහෙමනම් අපි වැඩේට බහිමු.

  • මුලින්ම Blogger Dashboard එකට ගොස් ඔබේ බ්ලොග් එකේ “Template” යන්න තෝරා “Edit HTML” යන්න ක්ලික් කර “Proceed” යන්න ක්ලික් කරන්න.
  • අනතුරුව යතුරුපුවරුවේ Ctrl + F යතුරැ බාවිතා කර ]]></b:skin> යන tag එක හොයාගෙන එයට පහලින්,  පහත දී ඇති කේතයන් එකතු කරන්න.

{code type=codetype}<script src=’http://dl.dropbox.com/u/68579705/trickslankacryption/trickslankacryption.js’ type=’text/javascript’/>{/code}

හරි දැන් ඔබ ඔබේ බ්ලොග් එකට Java Script එක එකතු කරගෙන අවසානයි.

මීලගට කොහොමද ඉතුරු වැඩ කරගන්නේ කියන එක දැනගන්න පහත වීඩියෝව බලන්න.

Trickslanka Encryption Tool එක වෙත යන්න පහත ලින්ක් එක බාවිතා කරන්න.

www.trickslanka.com/tools/trickslankacryption

ඒ වගේම ඉහත ලින්ක් එක bookmark කරගන්නත් අමතක කරන්න එපා.

ඉතින් ඔන්න ඔය විදියටයි ඔබේ බ්ලොග් post එකට මුරපදයක් දමා ආරක්ෂා කරගන්නේ. ඉතින් මේ වෙනුවෙන් අමං ගොඩක් කාලය වය කෙරුව. :P මේ ගැන ඔයාලගේ අදහස්, අඩුමගානේ තැන්ක්ස් පාරක්වත් කමෙන්ට් එකක් විදියට දාලා. ලයික් එකකුත් දාලා යන්න ඔබ නිහතමානී වෙයි කියල මම හිතනවා. ඔබට සුබ දවසක්.!

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

        • http://nohikmunuasa.blogspot.com/ නොහික්මුණු ඇස

          මමත් දානවා මොකට හරි :D