මීට මාස කිහිපයකට ඉහතදී Facebook Timeline එක Disable කරගන්න ආකාරය පිලිබදව මම ලිපියකින් කතා කළා. නමුත් තවමත් ගොඩක් අපේ අය Timeline එක Disable කරගන්න විසදුම් හොයන බව මම දැක්කා. ඒ වගේම දිනකට සැලකියයුතු පිරිසක් තවමත් මගේ කලින් ලිපිය වෙත ඔවුන්ගේ අවදානය යොමු කරන එකෙන්, තවමත් බොහෝ දෙනෙක් Timeline එකට හුරුවී නැති බවත් එය ඉවත්කරගැනීමට විසදුම් සොයනා බව පැහැදිලියි. ඒ නිසයි මේ ගැන නැවත ලියන්න මම හිතුවේ.
මම පෙර ලිපියේ සදහන් කළා මෙන් Timeline එක ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ. යම් උපක්‍රම මගින් Timeline එකේ පෙනුම ඉවත් කර පැරණි පෙනුම ලබාගන්න පුළුවන්. එයින් සැබෑවටම Timeline එක ඉවත් වෙන්නේ නැහැ. කෙටියෙන් කියනවනම් එය browser trick එකක් විතරයි. ඉදිරියේදී Timeline layout එක Facebook default profile layout එක බවට පත් වෙනවා. Timeline එකට සමහර අය අකමැති උනත්, අකමැත්තෙන් හරි එයට හුරු වෙන එක එක තමයි හොදම දේ.
කොහොම නමුත් තවමත් Timeline එක ඉවත් කරගන්න උත්සහ ගන්න ඔබ වෙනුවෙන්, බොහොම පහසුවෙන් Timeline එක ඉවත් කරගන්න පුළුවන් trick එකක් ගැනයි මම කතා කරන්න යන්නේ. කලින් ලිපියේ සදහන් කර ඇති විදියට Timeline එක disable කරගන්න පියවර කිහිපයක් ඔබට අනුගමනය කරන්න වෙනවා. ඉතින් මේ මම කියන්න යන්නේ බොහොම ලේසියෙන් Timeline එක disable කර පරණ පෙනුම ලබාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. කරන්න තියෙන්නේ ඔබේ browser එකට පොඩි add-on/extension එකක් install කර ගැනීම පමණයි.
How To Disable Facebook Timeline Using Timeline Remove Add-On ?
Timeline Remove ඇඩෝනය Firebox, Chrome, Internet Explorer යන ඕනෑම browser එකකට සහය දක්වනවා. ඉතින් අපි බලමු කොහොමද මෙය කරන්නේ කියල.
- මුලින්ම ඔබ TimelineRemove.com වෙබ් අඩවියට යන්න. “DOWNLOAD – SELECT YOUR BROWSER” යන්නට පහලින් ඔබේ browser එකට අනුව flash වෙන browser icon එකක් ඔබට දැක ගන්නට පුළුවන්.
- එම icon එක මත ක්ලික් කර එම add-on/extension එක install කරගන්න.
- ඊට පසුව ඔබේ browser එක restart කර Facebook වෙත ලොග් වෙන්න. එවිට ඔබට දැක ගන්නට පුළුවන් Timeline එක ඉවත් වී පැරණි පෙනුම ඔබේ profile එකට ලැබී ඇති බව.
පහතින් රුපයෙන් දක්වා තිබෙන්නේ මෙම ඇඩෝනය install කිරීමෙන් අනතුරුව Tricks Lanka Facebook Fan Page එකේ Timeline එක ඉවත්වී පරණ පෙනුම ලැබී ඇති ආකාරයයි.
ඔබට නැවතත් Timeline එකේ මුහුණුවර ලබාගැනීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ ඔබ install කරගත් ඇඩෝනය disable කිරීම හෝ uninstall කිරීම පමණයි.
සලකියයුතුයි: මෙම trick එක browser trick එකක් වෙන බවත්, Timeline එක disable වී පැරණි පෙනුම දැකගත හැක්කේ ඔබට පමණක් බව මතක තබාගන්න. How To Disable Facebook Timeline, remove timeline, facebook timeline, disable timeline, timeline එක ඉවත් කරන්නේ කොහොමද
ඉතින් මෙය ඔබට ප්‍රයෝජනවත් උනානම් තප්පර කිහිපයක් වැනි පුංචි කාලයක් අරගෙන, පහත ඇති “like” button හෝ “Share” button එක ක්ලික් කර ඔබේ මිතුරන් අතරේ share කරන්න. ඒ වගේම මේ පිළිබද ඔබේ අදහස කියන්නත් අමතක කරන්න එපා. ජය !
Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page
- Rasika
- Buddhika Nuwan






