වර්තමානයේ බොහෝ සමාගම් වගේම පුද්ගලයිනුත් මුහුණ පා තිබෙන තවත් එක් ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ password වල ආරක්‍ෂිත භාවය. බොහෝ සමාගම් විසින් විවිධ උපක්‍රම භාවිතා කරනවා ඔවුනගේ පාරිභෝගිකයන්ගේ password වලට උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න. නමුත් අද දියුණු තාක්ෂණික ක්‍රම වේදයන් වැරදි අයුරුන් භාවිත කිරීමට පෙළඹී ඇති hackers ලා සමඟ මෙය දිගින් දිගටම කර ගෙන යාම ඉතා අපහසු දෙයක් වෙලා. ඔවුන් මඟ හරි ගිය යම් යම් තාක්ෂණික දුර්වලතා සොයා ගෙන ඒවා භාවිත කරමින් විශාල ලෙස දත්ත සොරකම් කිරීමේ කටයුතු කර ගෙන යනවා. මෙය අද දවසේ බොහෝ දෙනා විසදුම් සොයන ප්‍රශ්නයක් වෙලා.

ඒ කෙසේ වෙතත් Google විශ්වාස කරනවා ඔවුන් ළඟ මෙම ප්‍රශ්නය සඳහා විසදුමක් තිබෙන බව. මෙම විසඳුම ඔබට සමීප කරන්නේ Yubico නමින් හඳුන්වන කුඩා අපුරු USB authentication device එකක් සමඟයි. Chrome හි වෙනස් කරනු ලබූ version එකත් සමඟ , ඔබට කරන්න තිබෙන්නේ මෙම Yubico නම් වූ සියුම් USB card එක ඔබේ පරිගණකයේ USB port එකට slide කිරීමයි. එවිට ස්වංක්‍රීයව ඔබේ Google account එකට log වීම සිදු වෙනවා. මෙම device එක නිරන්තරයෙන්ම පවතින්නේ පාරිභෝගිකයාගේ අතේ බැවින් පිටස්තර පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයේ දත්ත පරිශීලනය කිරීමට ඇති අවස්ථාව අවම වෙනවා.

usb_token11

කෙසේ වෙතත් මෙහි හොඳ වගේම මෙය භාවිතයේ ගැටළු කිහිපයක්ද ඇති විය හැකියි. මෙය ඉතා කුඩා card පතක් බැවින් මෙය නැති වුව හොත් හෝ කව්රුන් හෝ සොරකම් කල හොත් එයින් සිදුවන හානිය ඉතා අධික විය හැකියි. මොකද සොරකම් කල තැනැත්තාට මෙය භාවිතා කර ඉතා පහසුවෙන් ඔබේ Google account එකට log වී ඔබේ දත්ත ලබා ගත හැකි ඕන බැවිනි. මෙයට පිලියමක් ලෙස Google බලාපොරොත්තු වෙනවා මෙය ඉතා සරල on-computer authentication තාක්ෂනික ක්‍රමයක් හා සම්බන්ධ කිරීමට. මෙය ගැන අදහස් දක්වමින් Google VP of Security වන Eric Grosse මහතා පැවසුයේ මෙවැනි අදහසක්.

We’ll have to have some form of screen unlock, maybe passwords but maybe something else” while the token will be the “primary authenticator”.
“Others have tried similar approaches but achieved little success in the consumer world. Although we recognize that our initiative will likewise remain speculative until we’ve proven large scale acceptance, we’re eager to test it with other websites.”

Google විසින් සිදු කරන මෙම නිර්මාණය සාර්ථක වුවහොත් , තාක්ෂණික ලෝකය තුල මෙවැනි USB key එකකට ඇති ඉල්ලුම ඉතා අධික වේවි. හැම දෙනාම මෙය භාවිතයට යොමු වේවි. එතෙක් ඔබ ඔබේ password එක ආරක්ෂා කර ගැනීම සඳහා උනන්දු වෙයි කියල මන් හිතනවා.

:)

Wickey the author

She is a professional Database Engineer and holds an engineering degree in Information Technology. When she’s away from the keyboard, simpler things like cuddling her pets, Chit Chatting and having a cold drink, makes her day. [[email protected] ]

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    මේක ගන්නේ කොහොමද දන්නේ නෑ???

    • http://www.trickslanka.com/ Buddhika Nuwan
      • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

        බොහොම ස්තූතියි