CES නොහොත් Consumer Electronics Show මෙවරත් අමරිකාවේ Las Vegas හි Nevada ප්‍රාන්තයේදී පැවැත්වෙනවා. 2013 ජනවාරි 8 වෙනිදා සිට 2013 ජනවාරි 11 වෙනිදා දක්වා මෙම ප්‍රදර්ශනය ලෝක වාසි සැමට විවුර්තව පැවතෙනවා. මෙහිදී Sony, Samsung, Panasonic, LG වැනි සමාගම් ඔවුනගේ නවතම ආකර්ශනීය නිර්මාණ ලොවට ඉදිරිපත් කරනු ලබනවා.

CES 2013 මෙතෙක් පවතී CES ප්‍රදර්ශන වලින් විශාලතම ප්‍රදර්ශණය වන අතර මෙවර 3,000 පමණ වූ ප්‍රදර්ශන කුටි  තුල 20,000 වැඩි වූ නවතම නිර්මාණ මිලියන 1.87 වූ වර්ග ප්‍රමාණයක දිවෙන පරිසර භූමියක් තුල විහිදී පවතිනවා.

මෙහි වූ ඇති විශාල නිර්මාණ අතරින් නිර්මාණ කිහිපයක් ඔබේ දැන ගැනීම පිණිස ඔබට ගෙන එන්නට Tricks Lanka අපි හිතුවා. තාක්ෂණය කොතරම් දුරට දියුණු වෙලා ද කියලා දැන ගන්න හොදම තෝතැන්නක් වන මෙම ප්‍රදර්ශන භුමියේ මගේ සිත් ගත් ප්‍රදර්ශන භාණ්ඩ කිහිපයක් ගැන තතු දැන ගන්න මෙතැන් සිට මා සමඟ එකතු වෙන්න.

“Reptar,” a Robotic Snake

LEGO විසින් LEGO MINDSTORMS EV3 “Reptar,” නම් වූ robotic snake උපකරණය 2013 ජනවාරි 7 වෙනි සඳුදා Las Vegas හි පැවැත්වෙන CES-2013 ප්‍රදර්ශන භූමියේදී හදුන්වා දෙනු ලැබුවා. Lego Mindstorms EV3 platform එකක් මත නිමවා ඇති මෙයට හැකියාව තිබෙනවා blutooth හරහා ඔබේ iPhones, iPads සහ iPod හා සම්බන්ධ වීමට .

Converts a Lenovo Yoga Ultrabook into a tablet

2013 ජනවාරි 7 වෙනි දින Las Vegas හි Consumer Electronics Show (CES) හි පැවති Intel news conference හිදී Intel, PC client groupහි උප සභාපති Kirk Skaugen විසින් Lenovo Yoga Ultrabook එක tablet එකකට පරිවර්තනය කර පෙන්වනු ලැබුවා. තවදුරටත් “all day” battery life” ඇතුළුව Intel පprocessors වල වූ නවතම වැඩි දියුණු වීම ඔවුන් විසින් මෙහිදී නිවේදනය කර සිටියා.

Sony 4k ultra hd Television

Sony 4k Ultra HD රුපවහිනියත් International Consumer Electronics Show හිදී ප්‍රදර්ශනයට තබා තිබෙනු දක්නට ලැබුනා. ඇමරිකාවේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන International Consumer Electronics Show (CES) මෙම සතිය පුරාවටම පැවැත්වෙනවා.

Bone Construction Headphones

Panasonic නියෝජනය කරමින් පැමිණි Shiro Kitajima (දකුණු පස) සහ Vic Carlson විසින් International Consumer Electronics Show හි පවතී පුවත් සම්මේලනයේදී ඔවුනගේ bone construction headphone හඳුන්වා දෙනු ලැබුවා. මෙම headphone එක blutooth හරහා රුපවාහිනිය හා සම්බන්ධ වී සාමාන්‍ය headphone ලෙස ඔබේ හිස හා සම්බන්ධ වෙනවා . විශේෂත්වය වන්නේ මෙය ඔබේ කන් හා සම්බන්ධ වීමක් න්නොමති වීමයි . ශුවණාධාර උපකරණ වල සිදුවන ආකාරයට මෙහිදී සිදුවන්නේ ශබ්ධ තරංග ඔබේ හිස්කබල හරහා සම්ප්‍රේෂනය කිරීමයි.

Samsung Electronics’s new lens

එක switch එකක් එහා මෙහා කිරීම මඟින් 2D සහ 3D වලට සිරු මාරු කල හැකි මෙම නවතම කාච (lens) නිෂ්පාදකයා වෙන්නේ Samsung සමාගම.මෙම කච නිෂ්පදනය කරලා තිබෙන්නේ ඔබුන්ගේ නවතම NX300 සඳහායි. ඔවුනන් මෙම නවතම නිර්මාණය CSE – 2013 හි ප්‍රදර්ශනය සඳහා ගෙන ඒමට අමතක කලේ නැහැ.

Large Screen Aquos TV

2013 ජනවාරි 7 වෙනි දින පැවැත්වූ CSE – 2013 මාධ්‍ය හමුවේදී, ඇමෙරිකාවේ Sharp Electronics Marketing සමාගමේ සභාපති වන John Herrington මහතා විසින් මෙම පුළුල් තිර සහිත Aquos රුපවාහිනී පෙළ පිලිබඳ හදුන්ව දීමක් සිදු කරන ලදී.

ICC Purios Ultra HD resolution Panel

Las Vegas හි පැවැත්වෙන Consumer Electronics Show හි මාධ්‍ය හමුවේදී Sharp Electronics හි strategic product marketing අංශයේ උප ප්‍රධානි Jim Sanduski විසින් ICC Purios Ultra HD resolution Panel හඳුන්වා දෙනු ලැබුවා.

ඉතා විශාල ප්‍රදර්ශන භාණ්ඩ සන්ක්යාවක් අතරින් කිහිපයක් පිලිබඳ විස්තර තමයි මම මේ සටහනින් ගෙනාවේ. Tricks Lanka – CES-2013 posts මාලාව සමඟ රැදී සිටියහොත් ඔබට තවත් බොහෝ විස්තර දන ගැනීමට හැකිවේවි. එහෙනම් යාලුවනේ තවත් සටහනකින් හමුවෙමු.

Wickey the author

She is a professional Database Engineer and holds an engineering degree in Information Technology. When she’s away from the keyboard, simpler things like cuddling her pets, Chit Chatting and having a cold drink, makes her day. [[email protected] ]

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    මරු මරු

    • Rozan

      :)