Consumer Electronics Show (CES – 2013)
ඔබට මම CES 2013 ප්‍රදර්ශනයේ ඇති නවීන තාක්ෂණික උපකරණ කිහිපයකම විස්තර මීට ඉහත සටහනින් ගෙන අව ඔබට මතක ඇති නේද? ඔබට තවත් එවැනිම වූ නිෂ්පාදන රැසක තවත් තොරතුරු රැගෙනයි මම ඔබ හමු වීමට අදත් අවේ. එහෙනම් යාලුවනේ Las Vegas හි පැවැත්වෙන Consumer Electronics Show (CES) ප්‍රදර්ශනයේ රවුමක් ගහන්න මාත් එක්ක එකතු වෙන්න.
Sharp IGZO Tablet

CES-2013 මාධ්‍ය ප්‍රදර්ශනයේදී දී Sharp සමාගම විසින් ඔවුන්ගේ නවතම IGZO Tablet Aquos Pad එක හඳුන්වා දෙන ලදී. තවදුරත් Sharp සමාගම විසින් නවතම television තාක්ෂණයක් සහ IGZO තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදිත උපකරණ කිහිපයක්ම හඳුන්වා දීම මෙහිදී සිදු කළා.
Soul SL300 noise canceling headphones

Tim Tebow (වම) සහ Usain Bolt යන තේමා පදනම් කරගෙන නිර්මාණය කෙරුණු Soul SL300 noise canceling headphones , Las Vegas හි පැවැත්වෙන Consumer Electronics Show හි ආරම්භක මාධ්‍ය හමුවේදී එනම් ජනවාරි මස හය වෙනි දින ලොවට හඳුන්වා දෙනු ලැබුවා.
Nectar mobile power source

Nectar mobile power source එකක් 2013 ජනවාරි 6 වෙනි දින Las Vegas හි පැවැත්වෙන Consumer Electronics Show (CES) හි ආරම්භක මාධ්‍ය හමුවේදී හඳුන්වා දෙනු ලැබුවේ කාන්තාවක් විසිනුයි. Mobile device සඳහා වූ මෙම උපකරණය මගින් ඔබගේ Mobile device එක දින තුනක් ඉතා හොදින් ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව ලැබෙනවා.
HzO Waterblock smart phone

HzO Waterblock තාක්ෂනය උපයෝගී කර ගනිමින් නිම වූ මෙම smart phone එක CES – 2013 හි ආරම්භක මාධ්‍ය හමුවේදී හඳුන්වා දෙනු ලැබුවේ beer පිරවූ භාජනයක් ඇතුලට දමමින්.
GoalZero solar powered Yeti 150

CES – 2013 ප්‍රදර්ශනය සඳහා නිර්මාණය වූ GoalZero solar powered Yeti 150 උපකරණයක් මාධ්‍ය ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙනු ලැබුවා.මෙහි Yeti1250 solar generator kit එකක් අඩංගු වන අතර කුඩා ප්‍රමාණයේ unit එකක් ඩොලර් 199.00 ලෙස සටහන් කර තිබෙනවා.
A Soul Party In A Box

Consumer Electronics Show හි මාධ්‍ය ප්‍රදර්ශනයට රැගෙන ආ තවත් අනර්ග උපකරණයක් තමයි මෙය.මෙය wireless high performance entertainment system එකක් වන අතර මෙහි retail price එක ලෙස දක්වා ඇත්තේ ඩොලර් 999.00.මෙම උපකරණයට microphone වැනි වෙන වෙනත් inputs සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. karaoke වැනි අවස්ථා සඳහා මෙය නැතුවම බැරි උපකරණයක් වේවි නේද?
84-inch Ultra HD LED television

Nitza Martinez විසින් 84-inch Ultra HD LED රුපවාහිනිය පළමු වරට හඳුන්වා දුන්නේ 2013 ජනවාරි 6 වෙනි දින පැවැත්වූ Consumer Electronics Show හි මාධ්‍ය සඳහා වෙන් වූ ප්‍රදර්ශනයෙදියි. මෙහි retail price එක ලෙස සටහන් වෙන්නේ ඩොලර් 19,999.99. ලෙසයි.
තවත් නවීන තාක්ෂණික නිර්මාණ හා CES-2013 හි නවතම තොරතුරුත් සමඟ නැවත හමු වෙමු.
She is a professional Database Engineer and holds an engineering degree in Information Technology. When she’s away from the keyboard, simpler things like cuddling her pets, Chit Chatting and having a cold drink, makes her day. [[email protected] ]
- http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya
- Rozan
- KAVIDU HG
- Rozan
- Sachith
- Rozan





