Blog Award Carnival - 2013

සිංහල බ්ලොග් අඩවි පිළිබඳව ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩ්වියක් සාමාන වෙබ් අඩවියකින් වෙනස් වන්නේ බ්ලොග් අඩවිවල පාඨකයින්ට තම අදහස් එහි සටහන් කළ හැකි නිසාය. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.

මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සදහා අන්තර්ජාලය තුල නොමිලේ ඉඩ කඩ ලබා දෙන Blogger , WordPress යන සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීමෙන් බොහෝ වෙබ් අඩවි පවත්වාගෙන යයි.

නිර්මාණශීලි සිංහල බ්ලොග්කරුවන් ඇගයීමට හා ඔවුන් දිරිමත් කිරීම පිණිස පවත්වන බ්ලොග් සම්මාන සැණකෙළිය “Blog Award Carnival – 2013″ ඔබ වෙනුවෙන් Asidisi.com, Clickforfans.com, TricksLanka.com හා Radio Kalutara අන්තර්ජාල වෙබ් රේඩියෝ සමගින් අත්වැල් බැදගෙන ප්‍රථම වරට සංවිධානය කරණු ලබයි. මේ සදහා ප්‍රචාරණ දායකත්වය සපයයි. මෙහි නිර්මාණශීලි බ්ලොග්, පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්, රැඩිකල් බ්ලොග්, තාක්ෂණික බ්ලොග්, අධ්‍යාපනික බ්ලොග්, ආත්ම කථනය, පුද්ගලික බ්ලොග්, සාහිත්‍යමය බ්ලොග්, කාන්තා බ්ලොග්, ඡායාරූපකරණය යන අංශ ඔස්සේ ඔබට අයඳුම්කිරිමට හැකිය.
එම අංශ තුලින් ජයග්‍රහි හොදම බ්ලොග් වලට සම්මාන, සහතික පත්‍ර හා වටිනා ත්‍යාග පිරිනමනු ලැබේ. බ්ලොග් සම්මාන සැණකෙළිය සදහා ලියාපදිංචි විමේ අවසාන දිනය 2013 ජනවරි මස 15 වන දින වන අතර තරගයේ අවසන් තීරණය විනිශ්‍යය මණ්ඩලය සතුවේ. බ්ලොග් සම්මාන සැණකෙළියට සමගාමීව බ්ලොග් සතියක් 2013 පෙබවරවාරි මස 5වන දින සිට පෙබවරවාරි මස 10වන දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු.

ඔබත් සිංහල බ්ලොග් කරුවෙක්නම් අදම අයදුම් කරන්න. ඒ සදහා පිවිසෙන්න blogawards.radiokalutara.com වෙත.

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • http://www.facebook.com/ranga3d P.h. Lahiru Dilranga Silva

    Ela Ela..

  • http://www.facebook.com/tharukaa Tharuka Abeyratne

    ela brow !!

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    මරු මරු… අපිත් අපේ බ්ලොග් දැම්මා ඕන්…

  • Viduranga

    එල එල හොද වැඩක්… අර බස් රේඩියෝ එකෙන් කළා වගේ මාස ගණන් ඇදගෙන යන්නේ නැතිව හොදට කලොත් හොදයි …