twitter hack notice

Twitter විසින් ඔවුනගේ Twitter පරිශිලකයින් 250,000 ක් වෙත ඉහත ආකාරයේ email පණිවිඩ යවමින් කියා සිටින්නේ ඔබේ Twitter ගිණුමට වෙනත් නොදන්නා පාර්ශවයක් ඇතුල් වීමට උත්සහ කර ඇති බවත් ඔබට ඔබේ Twitter ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා එහි password එක වෙනස් කිරීමට සිටුවන බවත්ය.

ඔබටත් ඉහත ආකාරයේ email පණිවිඩයක් ලැබුනහොත්, ඔබේ Twitter ගිණුමත් නොදන්නා පිරිසක් විසින් නීත්‍යනුකුල නොවන පරිදි පිවිසුණු Twitter ගිණුම් 250,000 අතරට එක් වෙලා අවසානයි. Twitter සමාගමේ වෙබ් අඩවියේ blog post එකක් ඇතුලත් කරමින් ඊයේ (2013-2-1) දින සවස මේ පිලිබඳ පැහැදිලි විස්තරයක් දක්වා තිබෙනු දක්නට ලැබුනා.

This week, we detected unusual access patterns that led to us identifying unauthorized access attempts to Twitter user data. We discovered one live attack and were able to shut it down in process moments later. However, our investigation has thus far indicated that the attackers may have had access to limited user information – usernames, email addresses, session tokens and encrypted/salted versions of passwords – for approximately 250,000 users.

Twitter පවසා සිටින්නේ ඔවුන් මේ සිදු වූ attack එක පිලිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කිරීමට තීරණය කලේ මෙම හැකර්ස් ලා කණ්ඩායම පිළිබඳව ලොවට කරුණු හෙළි කල යුතු නිසා බවයි. Twitter පවසන පරිදි මෙම පිරිස කණ්ඩායමක් ලෙස එක වී මෙම සාපරාධි ක්‍රියා සිදු කරන බවයි. Twitter යනු ඔවුන් විසින් attack කල පළමු හා අවසාන සමාගම නොවන බවත් ඔවුන් පසු කාලයේදී අනිකුත් සමාගම් වලටත් තර්ජනයක් වන බවත් තව දුරත් Twitter විසින් හෙළි කරනු ලැබුවා.

ඔබත් මෙවැනි email පණිවිඩයක් ලැබීමට තරම් අවාසනාවන්ත වූවානම් වහාම ඔබේ ගිණුමේ password එක වෙනස් කරන්න.


Wickey the author

She is a professional Database Engineer and holds an engineering degree in Information Technology. When she’s away from the keyboard, simpler things like cuddling her pets, Chit Chatting and having a cold drink, makes her day. [[email protected] ]

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    මගෙ එකත් තියනවද දන්නේ නෑ. ගිහින් බලමු

  • සුදු මහත්තයා

    තාමනං නැහැ